Skip to content
V
‘රටේ පුරවැසියාගේ ආරක්ෂාව අපි තහවුරු කළා' - ජනපති
featured news - උණුසුම් පුවත්

‘රටේ පුරවැසියාගේ ආරක්ෂාව අපි තහවුරු කළා' - ජනපති

By News Room · 24 October 2024

අපි මාධ්‍ය සාකච්ජා තියන්න ගියේ නැහැ රජයක හැටියට අප කරන්න උවමනා දේ කළා. රටේ පුරවැසියාගේ ආරක්ෂාව අපි පලමුව තහවුරු කළා. අන්න ඒ විදිහටයි අපි රටක් කරන්නේ. කළ යුතු දේ කළ යුතු මොහොතේ කිරීමයි අපේ වගකිම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පුත්තලම නගරයේදී පැවසිය.

අපි දන්නවා මේ වන විට ලෝකයෙ යුද ගැටුමක් නිර්මාණය වෙලා තිබෙනවා. එහි අවදානම් තත්වයක් ලංකාවට දැනිලා තිබුණා. සති දෙකකට පෙර අපිට වාර්තා වුණ. අපිට බුද්ධි අංශ ඒ බව අනාවර්ණය කර තිබුණ. ඒ සමගම අපි අදාල කටයුතු ආරම්භ කළා. වෙන රජයන් වාගේ පැවති රජයන් වාගේ ඒ දෙවල් මාධ්‍ය සාකච්ජා තිබ්බේ නැහැ. ඒ තොරතුරකට අනුව පුරවැසියන්ගේ ආරක්ෂාව අපි තහවුරු කළා අපි ඒ බුද්ධි තොරතුරට අනුව වේගයෙන් ක්‍රියාත්මක කළා. ඒ පිළිබදව සැක සහිත පුද්ගලයන් අත් අඩංගුවට ගන්න කටයුතු කළා.

ඒ වාගෙම කිසිදු සිවිල් පුද්ගලයකුට ආරක්ෂාව ගැන දෙපාරක් හිතන්න ඉඩ නොදි බුද්ධි අංශ, ආරක්ෂක අංශ දිවා රාත්‍රි එවැනි තත්වයක් ඇතිවිමට ඉඩ නොදි කටයුතු කළා. හැබැයි නැවතත් අපි කියන්න ඕනා අන්න ඒවාට තමයි ආණ්ඩු කියන්නේ.

ආරක්ෂාව අතින් පුරවැසියන් බලා ගත යුතුයි, අධ්‍යාපනය අතින් දරුවන් බලා ගත යුතුයි,ව්‍යාපාර අනිත් ව්‍යාපාරිකයින් බලා ගත යුතුයි කිසිදු කේෂත්‍රයක් බිද වැටිමට ඉඩ නොතබා අපි වගකිම් ඉටු කරන ආණ්ඩුවක් ලෙස කටයුතු කළා.

හැම කෙනාම කියනවා මේ රජය මාසයෙන් කඩා වැටෙයි, මාස තුනෙන් කඩා වැටෙයි කියලා හැබැයි අපි හදලා තියෙන්නේ එසේ කඩා බිද වැට්ටිය හැකි ආණ්ඩුවක් නොවන බව සියලු දෙනා සිහි තබා ගත යුතුයි.

ජනධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා සිටියේ මහ මැතිවරණයට පුත්තලම දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් පුත්තලම කලපු තිරයෙ පැවති ජන හමුවකට එක්වෙමිනි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026