Skip to content
V
'රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැහැ' - ජනපති
featured news - උණුසුම් පුවත්

'රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැහැ' - ජනපති

By News Room · 23 February 2025

රට තුළ ජාතික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අනුව පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් ක්‍රියාත්මක වන බවත් පොදු මහජනතාවගේ ආරක්ෂාවට එය තර්ජනයක් බවට පත්ව නොමැති බවයි අද (23) මහනුවර ශ්‍රී ද​ළදා මාලිගාව වැඳ පුදාගැනීමට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙම පාතාල කණ්ඩායම් දීර්ඝ කාලයත් තිස්සේ වර්ධනය වී ඔවුන්ගේ සම්බන්ධතාවයන් විවිධ ආයතන දක්වාම පැතිරගොස් ඇති බවත් එය විනාශකාරී ජාලයක් දක්වා වර්ධනය වී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා. එය මැඩ පැවැත්වීම සඳහා දැඩි උත්සාහයක් දරණ බවත් දේශපාලන රැකවරණයක් නොමැති නිසා මෙය මැඩපැවැත්විය හැකි බවට දැඩි විශ්වාසයක් තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

එසේම මෙය හුදෙක් පාතාල කල්ලි අතර ගැටුමක්ද නැතහොත් කවර හෝ හස්තයක් විසින් මේ සියල්ල ඒකාබද්ධ කොට මෙහෙයවනවාද යන සැකය ගොඩනැගෙමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026