Skip to content
V
රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්
featured news - උණුසුම් පුවත්

රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්

By News Room · 30 July 2025

රුසියාවේ ඈත පෙරදිග කම්චැට්කා කලාපයට මීටර් 4ක් (අඩි 13) දක්වා ඇතිවූ සුනාමි තත්ත්වය නිසා රටවල් කිහිපයකට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, එක්සත් ජනපදය, ජපානය, පිලිපීනය, ඉන්දුනීසියාව, ඉක්වදෝරය, චිලී, ග්වාතමාලාව, කොස්ටාරිකාව, පේරු, මෙක්සිකෝව සහ පැසිෆික් දූපත් රාජ්‍ය ගණනාවකටයි මෙසේ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.

භූමිකම්පනය හේතුවෙන් පළමු සුනාමිය රළ උතුරු ජපානයෙන් නිරීක්ෂණය වූ බව වි‍දෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සෙන්ටිමීටර් 30ක උස සුනාමිය රළ පැමිණි බව NHK ගුවන් විදුලි නාලිකාව වාර්තා කළේය.

ජපානයේ කාලගුණ ඒජන්සිය මීට පෙර පැවසුවේ ජපානයේ උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයේ ඔසාකා නගරයට දකුණින් වකයාමා දක්වා මීටර් තුනක් දක්වා සුනාමි රළ අපේක්ෂා කරන බවය.

ජපානයේ ගිනි නිවීමේ හා ආපදා කළමනාකරණ ඒජන්සිය පැවසුවේ මේ දක්වා කිසිදු තුවාලයක් හෝ හානියක් වාර්තා වී නොමැති බවය. හොකයිඩෝ සිට ඔකිනාවා දක්වා විහිදෙන ජපන් වෙරළ තීරයේ අවට නගර සභා 133ක 900,000කට අධික පිරිසකට ඉවත් කර ඇත. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026