Skip to content
V
රටක පාලන බලය අතට දීමට සුදුසු වයසක් තිබේද?
featured news - උණුසුම් පුවත්

රටක පාලන බලය අතට දීමට සුදුසු වයසක් තිබේද?

By News Room · 5 July 2024

තරුණ තරුණියන් පෙරමුණ ගත් අරගලයකින් පළමුවරට ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙකු පලවා හැරිමෙන්ම පසුව පත්වූ 75 හැවිරිදි අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ ධූර කාලයේ අවසානය ළං වෙත්ම ඉදිරි ජනාධිපතිවරණ සටනට අවතීර්ණ විය හැකි විවිධ අපේක්ෂකයින්ගේ නම් කරලියට පැමිණ තිබේ.

දීර්ඝ දේශපාලන ඉතිහාසයක් හෝ දේශපාලන පරම්පරාවකින් පැවත එන හෝ ව්‍යවසායක හෝ ව්‍යාපාරික පසුබිමක් ඇති පුද්ගලයෝ ද ඒ අතර වෙති.

කෙසේ නමුත් රාජ්‍ය බලය ලබා ගැනීමට තරුණ නැගිටීම් හමුවේ කළ ආයුධ සන්නද්ධ කැරළි කිහිපයක්ම අසාර්ථක වු ඉතිහාසයක් ශ්‍රී ලංකාවට ඇත.

ලෝක තත්ත්වය අධ්‍යනය කිරීමේදී පෙනීයන්නේ වියපත් නායකයින් මෙන්ම තරුණ නායකයින් ද සිය ශක්තිය යොදවා රටවල් මෙහෙයවා ඇති බවකි.

බැලු බැල්මට තරුණ පාලනයක් හෝ වැඩිහිටි පාලනයක් සහිත රටවල පරිපාලන වෙනසක් හෝ ආර්ථිකමය වෙනසක් තිබේද යන්න වෙන් වෙන් වශයෙන් කීමට තරම් ප්‍රමාණවත් සාධක අප සතුව නැත.

එහෙත් දිගින් දිගටම ලෝකය පුරාම වියපත් පාලකයින්ට එරෙහිව තරුණ පිරිස් අතරින් සැලකිය යුතු විරෝධයක් මතුවෙමින් තිබේ.

ඒ අනුව මෙම ලිපියෙන් අපි විමසා බැලීමට උත්සාහ ගන්නේ පුද්ගලයෙකුගේ 'වයස' රටක පාලන බලය හෙඹවීමෙහිලා සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කරන්නේද යන්න විමසා බැලීමටයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෙකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් මොනවාද?

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරයට තරග කළ හැකි පුද්ගලයෙකු සැපිරිය යුතු මුලික සුදුසුම්කම් කිහිපයකි. එහි එක් සුදුසුකමක් ලෙස 'වයස' ද සැලකිල්ලට ගෙන තිබේ.

  • නාම යෝජනා භාර දෙන දිනය වන විට වයස අවුරුදු 35 සම්පූර්ණ කර සිටිය යුතුය.
  • ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතුය.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (1) වගන්තියට අනුව අවම සුදුසුකම් ඇති අයෙකුගේ නාම යෝජනාව පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ඔහු/ඇය දැනට මන්ත්‍රීවරයෙකු නම් හෝ කලින් මන්ත්‍රීවරයෙකුව සිටි අයෙක් නම් වෙනත් ඕනෑ ම දේශපාලන පක්ෂයක් හෝ ඕනෑ ම ශ්‍රී ලංකාවේ ඡන්දය හිමි අයෙකු හෝ ජනාධිපතිවරණය සඳහා අදාළ නාම යෝජනාව ඉදිරිපත් කළ හැකිය.

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට බලපාන නුසුදුසුකම් මොනවාද?

  • දෙවරකට වඩා ජනාධිපති වූවෙකු නොවිය යුතුය.
  • ඒ අනුව, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හට ජනාධිපතිවරණයට නැවත තරග කළ නොහැකිය.
  • ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදිය නොහැකිය.
  • සිහි විකල් වූ අයෙකු යැයි ශ්‍රී ලංකාවේ අධිකරණයකින් තීරණය කළ තැනැත්තෙකු
  • දෝෂාභියෝගයකින් ජනාධිපති පදවියෙන් ඉවත් කළ අයෙකු
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වන ව්‍යවස්ථාව අනුව ප්‍රජා අශක්නුතාවකට භාජනය වූ අයෙකු
  • පසුගිය වසර හත ඇතුළත මාස හයක් හෝ ඊට වැඩි කාලයක් සිරගතව සිටි අයෙකුට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය නොහැකිය.
  • නමුත් සිර දඬුවමට යටත්ව සිරගත වී සිටින විට කොන්දේසි විරහිත සමාවක් ලැබූ පුද්ගලයෙකුට මෙම තහංචිය බලපාන්නේ නැත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක විධායක ජනාධිපතිවරයා බෞද්ධ විය යුතුයි යන්න සඳහන් වී නොමැත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026