Skip to content
V
රජයේ සියලු සුඛෝපභෝගී වාහන වෙන්දේසියට
featured news - උණුසුම් පුවත්

රජයේ සියලු සුඛෝපභෝගී වාහන වෙන්දේසියට

By News Room · 17 February 2025

අධික වියදම් සහිත රජයේ සියලු සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේදී වෙන්දේසි කරන බවත් මෙම වසරේදී මන්ත්‍රීවරුන්ට වාහන සහ බලපත්‍ර ලබා නොදෙන බවයි ජනාධිපති අනුර කුමාර දිසනායක ප්‍රකාශ කළේ. අධ්‍යාපන සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා.

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දෙකයි දශම තුනක් රාජ්‍ය අයවැයෙහි ප්‍රාථමික ගිණූමේ අතිරික්තයක් පවත්වාගැනීම මෙවර අයවැය සකස් කිරීමේදී අවධානය යොමු කර තිබෙනවා. එමෙන්ම, නව රේගු පනතක් හදුන්වා දීමටත්, ජපාන ආධාර මත කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට රුපියල් මිලියන 500ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. එමෙන්ම, සංචාරක ක්ෂේත්‍රය සදහා නව ඩිජිටල් ටිකට්පත් ක්‍රමයක් හදුන්වාදිමටද මෙවර අයවැයෙන් යෝජනා කර ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026