Skip to content
V
රජය විසින් වී මිල ගණන් නිවේදනය කරයි
featured news - උණුසුම් පුවත්

රජය විසින් වී මිල ගණන් නිවේදනය කරයි

By News Room · 5 February 2025

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කළේය. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර ඒ සඳහා කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න යන මහත්වරුන් එක්විය.

කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා,

"අපි මිලදී ගන්නේ වියළි වී. නාඩු වී, වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නවා රුපියල් 120ට."

"සම්බා වී කිලෝ එකක් මිලදී ගන්නවා 125කට."

"කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට මිලදී ගන්නවා."

සහල් මිල ගැනත් හිතලා... ගොවියගේ නිෂ්පාදන වියදම ගැනත් හිතලා තමයි මේ තීරණය ගත්තේ."

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026