Skip to content
V
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද සිට තීව්‍ර වෙයි
featured news - උණුසුම් පුවත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද සිට තීව්‍ර වෙයි

By News Room · 2 February 2026

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (02) උදෑසන 8.00 සිට තීව්‍ර කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, අද සිට ආරම්භ කරන අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග තුළදී රෝහල තුළ නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම, රෝහල තුළ නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කර ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම, දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කඳවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගි වීමෙන් ඉවත්වීම ඇතුළත් වන බවයි සඳහන් වන්නේ.

එසේම, අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් පද්ධතිය තුළ විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකකවලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම, රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්ය මණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත්වීම මෙන්ම, විශේෂඥ වෛද්‍යවරුන් තමන් අනුයුක්ත කරන ලද රෝහල තුළ පමණක් විශේෂඥ සේවා සැපයීම සහ ඉන් පරිබාහිර විශේෂඥ වෛද්‍යවරුන් නොමැති රෝහල්වල සේවාවන් සඳහා රාජකාරි ආවරණය කිරීමෙන් ඉවත්වීම වැනි වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට එළැඹීමට තමන් සූදානම් වන බවයි ඔවුන් පවසන්නේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය 26 වැනිදා සමස්ත රෝහල් පද්ධතිය ආවරණය වන පරිදි මෙම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026