Skip to content
V
රජයේ වෛද්‍ය නිලධාරීන් අද පැය 48 ක දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක
featured news - උණුසුම් පුවත්

රජයේ වෛද්‍ය නිලධාරීන් අද පැය 48 ක දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

By News Room · 9 April 2026

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙරවරු 8.00 සිට පැය 48 ක කාලයක් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමට අදාළව, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තම සංගමය සමඟ එකඟ වූ කොන්දේසි කඩ කරමින් අදාළ පත්වීම් ලබා දීමට පියවර ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සංගමය සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු බවත්, එම සාකච්ඡාව අවසන් වන තෙක් ප්‍රශ්නගත පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ලැයිස්තුව ප්‍රකාශයට පත් නොකර අත්හිටුවිය යුතු බවට එකඟතාවක් තිබුණු බවත් එම සංගමය පෙන්වා දෙනවා.

එහෙත්, අදාළ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ ලැයිස්තුව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් කර ඇති බවත්, සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගැනීමට උත්සාහ කරන පසුබිමක එම විශ්වාසය අමු අමුවේ කඩ කරමින් සිදු කළ මෙම ක්‍රියාව පිළිගත නොහැකි සදාචාර විරෝධී ක්‍රියාවක් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026