Skip to content
V
රජයේ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් වෙනුවට ඉන්ධන කෝටාවක්
featured news - උණුසුම් පුවත්

රජයේ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් වෙනුවට ඉන්ධන කෝටාවක්

By News Room · 1 December 2024

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබා දීමට රජය ගෙන තිබූ තීරණය ආපසු හරවාගෙන ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

රජයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබා දෙනවා වෙනුවට ඔවුන් භාවිත කරන පුද්ගලික වාහනයට ඉන්ධන කෝටාවක් ලබාදීමට රජය මේ වනවිට තීරණය කර ඇතැයි එම නිලධාරියා පැවැසුවේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබාදීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වීම හේතුවෙන් රජය එම තීරණය ආපසු හරවාගෙන ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් අමාත්‍යාංශ රාජකාරී කටයුතු සඳහා අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට නිල වාහනයක් ලබාදීමට රජය ගත් තීරණය එලෙසම ක්‍රියාත්මක වන බව එම නිලධාරියා පැවසුවේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාටම නිල වාහනයක් ලබා දීමට රජය ගත් තීරණයට විරුද්ධ පක්ෂයෙන්ද දැඩි විවේචන එල්ල වූ අතර තමන්ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන නිල වාහනයට සමාන වාහනයක් ඉල්ලා සිටින බව ඇතැම් විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.

තමන් තේරී පත්වූ මැතිවරණ බල ප්‍රදේශයට රාජාකරි කටයුතු සඳහා ගමන් කිරීමට වාහනයක් අවශ්‍ය බැවින් රජය ලබාදීමට තීරණය කර තිබූ නිල වාහනය ලබා ගැනීමට කැමති බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කර තිබිණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026