Skip to content
V
රජයේ නිලධාරීන්ගේ උත්සව අත්තිකාරම් මුදල රු.15,000/- දක්වා ඉහළට
featured news - උණුසුම් පුවත්

රජයේ නිලධාරීන්ගේ උත්සව අත්තිකාරම් මුදල රු.15,000/- දක්වා ඉහළට

By News Room · 13 January 2026

රජයේ නිලධාරීන්ට ලබාදෙන උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000/- දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඊට අදාළව ආයතන සංග්‍රහයේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීමටත්, ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

රජයේ නිලධාරීන්ට උත්සව අත්තිකාරම් ගෙවීම සම්බන්ධයෙන් වන ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව නිලධාරියෙකුට තෛපොංගල්, රාමසාන්, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, වෙසක්, දීපාවලි සහ නත්තල් වැනි උත්සව අවස්ථා සඳහා සහ වන්දනා ගමන් සඳහා ( ශ්‍රී පාද වන්දනාව සහ හජ් වන්දනාව වැනි) අත්තිකාරම් වශයෙන් රුපියල් 10,000/-ක් ලබා ගැනීමට මේ වනවිට හැකියාව පවතී. 

එම අත්තිකාරම් මුදල පොලී රහිතව මාසික කොටස් 08කින් හෝ අවශ්‍ය වුවහොත් ඊට කලින් හෝ අයකර ගැනීම සඳහා විධිවිධාන සලසා ඇත. 

එකී උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000/-ක් දක්වා වැඩි කිරීමට 2026 අයවැය මඟින් යෝජනා කර තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026