Skip to content
V
යෝෂිත හා ඩේසි ආච්චිට අධි චෝදනා පත්‍ර භාරදෙයි
featured news - උණුසුම් පුවත්

යෝෂිත හා ඩේසි ආච්චිට අධි චෝදනා පත්‍ර භාරදෙයි

By News Room · 4 April 2025

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට්ට අද (04) අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව, ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ භාරදී ඇති බවයි සඳහන් වෙන්න‍ේ.

විත්තිකරුවන් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙරුණු අතර, පූර්ව නඩු විභාග මැයි මස 30 වැනිදා පැවැත්වීමට ද අධිකරණය නියෝග කරනු ලැබුවා. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026