Skip to content
V
යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය ඩේසි නඩුවෙන් නිදහස්
featured news - උණුසුම් පුවත්

යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය ඩේසි නඩුවෙන් නිදහස්

By News Room · 25 February 2026

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොලඹ මහාධිකරණය අද (25) නියෝග කළේය. 

විත්තිකාර ඩේසී ෆොරස්ට්ට නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්තවයක් තිබෙනවාද? යන කරුණ පිළිබඳ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මඟින් කැඳවා තිබූ විශේෂ මානසික වෛද්‍ය වාර්තාව අද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. 

විත්තිකාරිය නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට වෛද්‍ය නිර්දේශ නිකුත් කර ඇති බව ඔහු පැවසීය. කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඩේසි ෆොරස්ට්ට එරෙහිව තිබූ අධිචෝදනාවන්ගෙන් ඇය නිදහස් කිරීමට නියෝග කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026