Skip to content
V
යුරෝපයට පලායාමට මෙරට රැඳීසිටි බංගලියන් 10ක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

යුරෝපයට පලායාමට මෙරට රැඳීසිටි බංගලියන් 10ක් අත්අඩංගුවට

By News Room · 25 March 2025

යුරෝපයට පලායාම සඳහා මෙරටට පැමිණ නීතීවිරෝධී ලෙස රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් 10 දෙනෙකු කටුනායක, අඩිඅම්බලම ප්‍රදේශයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආඩිඅම්බලම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක රැඳී සිටිය දී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ඔවුන් බංග්ලාදේශයේ සිට ඉන්දියාව වෙත ගොස් එතැන් සිට පසුගිය පෙබරවාරි මාසයේ දී සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයින්ට මෙරට රැඳී සිටීම සඳහා හිමිව තිබූ වීසා කාලය ඉක්මවා ගොස් තිබූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මොවුන් සියලුදෙනා අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් වන අතර ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත ගොස් යුරෝපා රටවලට පිවිසීමට සැලසුම් කර තිබූ බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයින් වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳවීමට පියවර ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026