Skip to content
V
යාපනය සරසවි පුස්තකාල සිවිලිමේ සඟවා තිබී ටී 56 වර්ගයේ මැගසින් දෙකක් හමුවෙයි
featured news - උණුසුම් පුවත්

යාපනය සරසවි පුස්තකාල සිවිලිමේ සඟවා තිබී ටී 56 වර්ගයේ මැගසින් දෙකක් හමුවෙයි

By News Room · 31 October 2025

යාපනයේ විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ සිවිලිම මත සඟවා තිබූ ටී 56 වර්ගයේ මැගසින් දෙකක් සහ පත්තරයකින් ඔතන ලද වයර් සහිත පාර්සලයක් හමුවූ බව කෝපායි පොලිසිය පවසයි.  මෙම සිවිලිම අලුත් වැඩියා කිරීම සඳහා පැමිණ සිටි සේවකයින් තිදෙනකු ඊයේ  (30) සිවිලිම අලුත් වැඩියා කරමින් සිටියදී  එහි තුළ සඟවා තිබූ ඉහත පාර්සලය දැක  ඒ සම්බන්ධයෙන් කෝපායි පොලිසිය දැනුවත් කර ඇත. 

එම දැනුම් දීම අනුව කෝපායි පොලිස් ස්ථානයේ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ඉහත උණ්ඩ සහ වයර් සහිත පාර්සලය පොලිස් භාරයට ගෙන ඇත. මෙම මැගසින් සහ වයර් රෝල මෙම ස්ථානයට රැගෙන ආවේ කවුද යන්න හෙළි කර ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026