Skip to content
V
යුද හමුදාවේ 75 වන සංවත්සරය අදයි
featured news - උණුසුම් පුවත්

යුද හමුදාවේ 75 වන සංවත්සරය අදයි

By News Room · 10 October 2024

අද (10) දිනට යෙදෙන යුද හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව නිලධාරීන් 139 දෙනෙකුට සහ සෙසුනිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කර ඇත්තේ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත එම උසස්වීම් ලබාදුන් බවය.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හි ලුතිනන් නිලයේ නිලධාරීන් සහ උපකරණ පාලක නිලධාරීන් 131 දෙනෙකු කපිතන් නිලයටත්, දෙවන ලුතිනන් නිලයේ නිලධාරීන් 08 දෙනෙකු ලුතිනන් නිලයටත් උසස්වීම් ලැබූහ.

එමෙන්ම, නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හි බලලත් නිලධාරී II නිලයේ ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 99 දෙනෙකු බලලත් නිලධාරී I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 185 දෙනෙකු බලලත් නිලධාරී II නිලයටත්,සැරයන් නිලයේ ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 380 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 346 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 111 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබළුන් 152 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස්වීම් ලැබූහ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026