Skip to content
V
යුද හමුදා කඳවුරක පුහුණුවීම් තාවකාලිකව අත්හිටුවයි
featured news - උණුසුම් පුවත්

යුද හමුදා කඳවුරක පුහුණුවීම් තාවකාලිකව අත්හිටුවයි

By News Room · 18 November 2024

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් වෙඩිතලතිව් යුද්ධ හමුදා ආධුනික පුහුණු කඳවුරේ පුහුණුවීම් අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙඩිතලතිව් ආධුනික පුහුණු පාසලේ පුහුණුව ලබන ආධුනික සෙබළුන් අතරේ හටගත් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් එහි පුහුණුවීම් තාවකාලිකව අත්හිටුවා වෛද්‍ය නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ එම කඳවුර නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

පසුගිය 11 වැනිදා සිට පුහුණුවීම් වල නිරත ආධුනික සෙබළුන් මෙලෙස උණ රෝගි ලක්ෂණ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට යෙමුකර ඇති අතර, මේ වනවිට 25 දෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසුව නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල රෝගී තත්ත්වය පසුවන බැවින් ඔහු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවයි යුද හමුදාව වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේවෙතත් මේ වනවිට මෙම උණ රෝගී තත්ත්වය පැතිර යාම සාර්ථකව පාලනය කර ඇති බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026