Skip to content
V
යුදෙව් විරෝධී හිරිහැර නිසා සිඩ්නි නුවර බේකරියක් වසා දමයි
featured news - උණුසුම් පුවත්

යුදෙව් විරෝධී හිරිහැර නිසා සිඩ්නි නුවර බේකරියක් වසා දමයි

By News Room · 18 December 2025

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි යුදෙව් ජාතිකයෙකුට අයත් බේකරියක් වන Avner’s Bakery, නිරන්තරයෙන් එල්ල වන යුදෙව්-විරෝධී හිරිහැර සහ කාර්ය මණ්ඩලයේ හා ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ බිය හේතුවෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා. 

මෙම බේකරියේ හිමිකරු වන ප්‍රකට යුදෙව් සූපවේදියෙකු වන එඩ් හැල්මැගි පවසා ඇත්තේ තම ආයතනය වසර දෙකක් තිස්සේම තර්ජන, විනාශකාරී ක්‍රියා සහ නොනවතින හිරිහැරවලට ලක්වූ බවයි.  මෙම තත්ත්වය වඩාත් උග්‍ර වී ඇත්තේ, පසුගිය ඉරිදා දින සිඩ්නි හි සුප්‍රසිද්ධ බොන්ඩයි වෙරළේ හනුක්කා උත්සවයක් ඉලක්ක කර ගනිමින් 16කට මරු කැඳවමින් සිදුවූ මාරාන්තික වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුවයි. 

මෙම ප්‍රහාරයෙන් පසුව පවා තර්ජන දිගටම පැවතුණු බවත්, Avner’s බේකරිය පලස්තීන ත්‍රස්තවාදය ගෝලීයකරණය කිරීමට උත්සාහ කරන අයගේ ඉලක්කයක් විය හැකි බවට තමන් බිය වූ බවත් හැල්මැගි පවසා තිබෙනවා.  මෙම තීරණය ප්‍රකාශයට පත් කරන ලද බදාදා දින, සරි හිල්ස් හි පිහිටි බේකරියේ කවුළුවක ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටරයක මෙසේ සඳහන් වී තිබෙනවා. 

“ලෝකය වෙනස් වී ඇති නිසා අපේ ලෝකයත් වෙනස් වෙලා”

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026