Skip to content
V
යුද්ධය අවසන් කිරීම සම්බන්ධව ඇමරිකාවෙන් ඉරානයට කරුණු 15ක සැලැස්මක්
featured news - උණුසුම් පුවත්

යුද්ධය අවසන් කිරීම සම්බන්ධව ඇමරිකාවෙන් ඉරානයට කරුණු 15ක සැලැස්මක්

By News Room · 25 March 2026

ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා සිදුවෙමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පවසන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අඛණ්ඩව ප්‍රහාර හුවමාරු කර ගනිමින් සිටින අතර, දකුණු ලෙබනනයේ පදිංචිකරුවන්ට ඊශ්‍රායල හමුදාව ඉවත් වන ලෙස අනතුරු අඟවා ඇති බවය.

අමෙරිකාව යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානයට කරුණු 15ක සැලැස්මක් භාර දී ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව විදෙස් වාර්තා පවසයි. අදාළ සැලැස්ම තුළ න්‍යෂ්ටික වැඩසටහනේ දැඩි සීමාවන් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ඇතුළත් වන බව ද සඳහන්ය.

කෙසේ වෙතත් එවැනි ලියවිල්ලක් මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළේය. යුද්ධය ආරම්භ වූ දා සිට ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ  ස්ථාන 82,000කට හානි සිදුවී ඇති බව අමෙරිකාව සහ ඊශ්‍රායල පවසයි. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026