Skip to content
V
යුක්‍රේන හිටපු කතානායක ඇන්ඩ්‍රි පරුබියි වෙඩි තබා ඝාතනය කරයි
featured news - උණුසුම් පුවත්

යුක්‍රේන හිටපු කතානායක ඇන්ඩ්‍රි පරුබියි වෙඩි තබා ඝාතනය කරයි

By News Room · 31 August 2025

යුක්‍රේන පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙකු වූ ඇන්ඩ්‍රි පරුබියි වෙඩි තබා ඝාතනය කර තිබේ. යුක්‍රේනයේ බටහිර නගරයක් වන ලිවිව්හිදී ඔහු ඝාතනයට ලක්ව ඇත. කුරියර්වරයෙකු ලෙස සැරසී වීදියේ සිටි පුද්ගලයෙකු විසින් ඇන්ඩ්‍රි පරුබියි වීදියේ ගමන් කරමින් සිටියදී ඔහු පිටුපසින් පැමිණ වෙඩි තබා මෙම ඝාතනය සිදුකර තිබේ.

ඝාතනය සිදුකළ ඝාතකයා සොයා මේ වන විට එරට විශේෂ විමර්ෂනයක්ද ආරම්භ කර ඇති අතර යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ අවශ්‍ය සියලු බලවේගය මේ සඳහා යොදවා ඇති බවය.

යුක්‍රේන ජනාධිපතිවරයා මෙම ඝාතනය පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙය බිහිසුණු මිනීමැරුමක් වන බවය. නාඳුනන තුවක්කුකරුවෙකුගෙන් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති අතර එම වෙඩි ප්‍රහාරයෙන් ඇන්ඩ්‍රි එම ස්ථානයෙන්ම ජීවිතක්ෂයට පත්ව තිබේ.

2013 වසරේ අග භාගයේදී රුසියානු හිතවාදී හිටපු ජනාධිපති යනුකොවිච්ගේ රජය යුරෝපා සංගමය සමග ගිවිසුමක් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ආරම්භ වූ යුරෝමයිඩන් ව්‍යාපාරයේදී පරුබි ප්‍රමුඛ චරිතයක් බවට පත් විය.

පසුකාලීනව යනුකොවිච් බලයෙන් පහ කිරීමෙන් පසු ඔහු යුක්‍රේනයේ ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් බවටද පත්විය. එමෙන්ම ඔහු ජීවිතක්ෂයට පත්වන විටත් වත්මන් පාර්ලිමේන්තුවේ නීති සම්පාදකයෙකු ලෙසද කටයුතු කර තිබේ. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026