Skip to content
V
යුක්‍රේන හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සර්ස්කි ධුරයෙන් ඉවත් කෙරේ
featured news - උණුසුම් පුවත්

යුක්‍රේන හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සර්ස්කි ධුරයෙන් ඉවත් කෙරේ

By News Room · 22 July 2026

යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි විසින් එරට හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සර්ස්කි එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා. එරට ආරක්ෂක අමාත්‍ය මයිකයිලෝ ෆෙදොරොව් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු රට පුරා පැවති විරෝධතා මධ්‍යයේ මෙම ඉවත් කිරීම සිදු කිරීම විශේෂත්වක්. 35 හැවිරිදි ෆෙදොරොව්, ආරක්ෂක අමාත්‍යාංශය නවීකරණය කිරීම, හමුදාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ දූෂණයට එරෙහි ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ප්‍රශංසාවට ලක් වූ පුද්ගලයෙක්. එහෙත් 60 හැවිරිදි ඔලෙක්සැන්ඩර් සර්ස්කි, හමුදාව තුළ වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට මැලිවූ පැරණි සෝවියට් නායකයෙකු බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඔහු ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු නව හමුදා ප්‍රධානියා ලෙස 43 හැවිරිදි ජෙනරාල් මයිකයිලෝ ඩ්‍රපටි පත් කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026