Skip to content
V
යුක්‍රේන - රුසියා යුද ගැටුමට දින තුනක සටන් විරාමයක්
featured news - උණුසුම් පුවත්

යුක්‍රේන - රුසියා යුද ගැටුමට දින තුනක සටන් විරාමයක්

By News Room · 28 April 2025

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්‍රේන - රුසියා යුද ගැටුම් සඳහා දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව එළැඹෙන මැයි 08 වැනිදා සිට මැයි 11 දින දක්වා මෙම සටන් විරාමය ක්‍රියාත්මක වෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දෙවන ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කරන ජයග්‍රාහී සැමරුම් උත්සවයට සමගාමීව මෙම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කර තිබේ.

මානුෂීය සලකා බැලීම් මත පදනම්ව රුසියානු ජනාධිපතිවරයා විසින් මෙම සටන් විරාමය ප්‍රකාශයට පත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

කෙසේ නමුත් යුක්‍රේනය විසින් මෙම සටන් විරාමය උල්ලංඝනය කළහොත් ඊට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාන් වෙත දන්වා ඇතැයිද සඳහන් වේ.

පසුගිය පාස්කු ඉරිදා දිනයේද රුසියාව විසින් යුක්‍රේනයට පැය 30ක සටන් විරාම ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගැනුණි.

නමුත් එම සටන් විරාම කාලය තුළදී ප්‍රහාර අඩු වීමක් දක්නට ලැබුණද දෙපාර්ශ්වය විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළ බවට චෝදනා කරගනු ලැබීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026