Skip to content
V
යුක්‍රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්
featured news - උණුසුම් පුවත්

යුක්‍රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්

By News Room · 10 November 2024

යුක්‍රේනය අද (10) එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් අගනුවර ගුවන්තොටුපොළ තුනක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත. 2022 වසරේ දී රුසියා - යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසුව යුක්‍රේනය විසින් සිදුකළ විශාලම ඩ්‍රෝන ප්‍රහාරය මෙය බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඩ්‍රෝන යානා 32ක් යොදාගනිමින් යුක්‍රේනය මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර රුසියානු ආරක්ෂක අංශ විසින් ඒවා බිම හෙළීමට කටයුතු කර තිබේ.

උද්ගත වූ තත්ත්වය හමුවේ මොස්කව්හි අවදානම් ප්‍රදේශවල පිහිටි ගුවන්තොටුපොළ 03ක කටයුතු තාවකාලිකව නතර කර ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගෙන තිබුණි.  

කෙසේ වෙතත් ඩ්‍රෝන ප්‍රහාර හමුවේ එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව ද රුසියානු බලධාරීන් තහවුරු කර ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026