Skip to content
V
යතුරු පැදියක් බස් රියක ගැටී පාසල් සිසුවියක් මරුට
featured news - උණුසුම් පුවත්

යතුරු පැදියක් බස් රියක ගැටී පාසල් සිසුවියක් මරුට

By News Room · 16 December 2024

මහනුවර විලියම් ගොපල්ලව මාවතේ පියා සහ දියණිය ගමන් ගත් යතුරු පැදියක් අද සඳුදා පෙරවරුවේ පුද්ගලික බස් රියක ගැටීමෙන් යතුරු පැදියේ පිටුපස අසුනේ ගමන් ගත් 17 හැවිරිදි පාසල් සිසුවියක එම ස්ථානයේදී මරණයට පත්ව ඇතැයි මහනුවර පොලීසියේ රථවාහන අංශය පවසයි.

අනතුරින් මියගිය සිසුවිය ගැටඹේ මහානාම විදුහලේ උසස් පෙළ හදාරණ බවත්, ඇය සිය පියා සමග අමතර පංතියකට එමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට ලක්ව ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරින් යතුරු පැදිය පැදවූ පියාට කිසිදු තුවාළයක් හෝ සිදුව නැති බව පොලීසිය කියයි. අනතුරට ලක්වූ යතුරු පැදිය සහ පුද්ගලික බස්රිය ගැටඹේ දෙස සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ බව පොලීසිය පවසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026