Skip to content
V
යතුරුපැදියක ජිප් රථයක් ගැටීමෙන් කාන්තාවක් මරුට
featured news - උණුසුම් පුවත්

යතුරුපැදියක ජිප් රථයක් ගැටීමෙන් කාන්තාවක් මරුට

By News Room · 24 August 2024

යතුරුපැදියක් සහ ජිප් රථයක් ගැටී වූ අනතුරකින් කාන්තාවක මියගොස් තිබෙනවා.

අනතුර හොරණ බොරලුගොඩ ආයෝජන කලාපයට හැරෙන හන්දිය අසලදී සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. එලෙස මියගොස් ඇත්තේ හොරණ, උතුරුඋඩුව පදිංචිව සිටි කේ.ජි.ගිම්හානි නැමති 26 හැවිරිදි එක්දරු මවක්. පවුලේ තුන් හැවිරිදි එකම දියණිය සමග ස්කුටර වර්ගයේ යතුරුපැදියක මියගිය කාන්තාව සැමියා සමග ගමන් කර තිබෙනවා. මියගිය කාන්තාවගේ සැමියා සේවය කරන ආයතනය මගින් පවුලේ සාමාජිකයන් සමග අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයක නිරතවීමට සූදානම්කර තිබෙනවා. ඊට දිනය යොදාගෙන ඇත්තේ අද (24) වැනිදායි. ඊට සහභාගි වීම සඳහා හොරණ, උතුරුඋඩුව නිවසේ සිට රත්නපුර මාර්ගයේ පැමිණි යතුරුපැදිය බොරලුගොඩ ආයෝජන කලාපය ඉදිරිපිට මාර්ගයේ මධ්‍ය රේඛාවේ නවතා දකුණට හැරවීම සඳහා සූදානමින් සිට තිබෙනවා. මේ අවස්ථාවේ හොරණ සිට රත්නපුර දෙසට ධාවනය වූ භාණ්ඩ බෙදා හැරීමට යමින් සිටි බොලරෝ ජීප් රථය ස්කුටරයේ පිටුපස පෙදෙසෙහි ගැටීමෙන් අනතුර සිදු වී ඇතැයි පොලිසිය පැවසුවා. අනතුරින් පියා සහ දියණියද තුවාල ලබා තිබෙන බවයි පොලිසිය පැවසුවේ. අනතුර සම්බන්ධයෙන් ජීප් රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026