Skip to content
V
යතුරුපැදි දෙකක් ගැටී එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

යතුරුපැදි දෙකක් ගැටී එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

By News Room · 21 November 2024

මුලතිව් මන්කුලම් වේලාන්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ඊයේ (20) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි මාන්කුලම් පොලීසිය පැවසීය.

මුලතිව් මාන්කුලම් සිට මල්ලාවි දෙසට යතුරුපැදියකින් සොයුරන් දෙදෙනෙකු ගමන්කොට ඇති අතර මල්ලාවි සිට මාන්කුලම් දෙසට තවත් තරුණයෙකු යතුරුපැදියක් ධවනය කිරීමේදී යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසීය.

අනතුරින් මාන්කුලම් සිට ගමන්කල සොයුරන් දෙදෙනාම අනතුර සිදුවූ ස්ථානයේම මිය ගොස් ඇති අතර මල්ලාවි සිට පැමිණි අනෙක් තරුණයා බරපතල තුවාල ලබා මන්කුලම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට මාරුකොට යවා ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු වූ අවුරුදු 20 ක් වයසැති විජයකුමර් විදුසන් සහ ජෙයකුමර් විදුසන් නැමති 23 හැවිරිදි දෙදෙනෙකි.

අධික වේගය හේතුවෙන් යතුරුපැදිවල වේගය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සැකපල කරන අතර මාන්කුලාම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026