Skip to content
V
මොළයට හානි කරන වෛරසයක් ගැන චීනය අනතුරු අඟවයි
featured news - උණුසුම් පුවත්

මොළයට හානි කරන වෛරසයක් ගැන චීනය අනතුරු අඟවයි

By News Room · 9 September 2024

මොළයට හානි කරන නව වෛරසයක් ගැන චීන විද්‍යාඥයෝ අනතුරු අඟවති. චීන විද්‍යාඥයන් මෙම වෛරසය නම් කර ඇත්තේ ‘තෙත් බිම් වෛරසය’ යනුවෙනි.

මෙම නව වෛරසය කිනිතුල්ලන්ගේ දෂ්ටනයෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වෙයි. මොළයට හානි කරමින් එය ස්නායු පද්ධතිය මුළුමනින්ම අඩපණ කරයි. මෙම වෛරසයට මෙතෙක් ප්‍රතිකර්මයක් නැති අතර, ප්‍රතිජීවක ඖෂධවලින් ද මෙම වෛරසය අඩපණ කළ නොහැකි බව පැවැසෙයි. 

චීන වෛද්‍ය පර්යේෂකයන් මෙම නව වෛරසය පිළිබඳ මුලින්ම දැනගත්තේ 2019 දීය. ඒ, උණ, හිසරදය, වමනය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කළ රෝගියකු ජින්සෝ නගරයෙන් හමුවීමත් සමඟය. 61 හැවිරිදි මෙම රෝගියාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ චීනයට අයත් මොංගෝලියාවේදී යැයි අනාවරණය වී ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026