Skip to content
V
මාස 6කට පසු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 300 සීමාව ඉක්මවයි
featured news - උණුසුම් පුවත්

මාස 6කට පසු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 300 සීමාව ඉක්මවයි

By News Room · 10 April 2025

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.13ක් හා විකුණුම් මිල රු. 303.2‍ක් ලෙසින් සටහන්ව ඇත.

මේ අතර අද දින ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 301.20ක් ලෙසින් වාර්තා වී තිබේ. 2024 සැප්තැම්බර් 27 දිනෙන් පසු ඩොලරයේ අගය රු. 300 සීමාව ඉක්මවා ගිය පළමු දිනය අද දිනය වේ.

එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Spot Exchange Rate) යනු පෙර දිනයේ දී / ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදුකරන ලද වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය අන්තර්-බැංකු එතැන් විදේශ විනිමය වෙළඳපොළෙහි එ. ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026