Skip to content
V
මාස දෙකට ළමා අපයෝජන 4380ක්
featured news - උණුසුම් පුවත්

මාස දෙකට ළමා අපයෝජන 4380ක්

By News Room · 7 August 2024

2024 වසරේ ජුනි සිට මේ දක්වා ළමා අපයෝජන 4380ක් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා වී ඇතැයි කාන්තා ළමා කටයුතු සහ සවිබල ගැන්වීමේ අමාත්‍ය ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ 06දා පැවැසීය.

ඇය පැවසුවේ 1938 කාන්තා උපකාරක දුරකථන සේවයට වාර්තා වී ඇති කාන්තා හිංසන පැමිණිලි සංඛ්‍යාව ජුනි සිට මේ දක්වා 1206ක් බවයි.

ඒ අනුව 2019 ළමා අපයෝජන 8,558ක් සහ දුරකථන පැමිණිලි 1,806ක්ද 2020 වසරේ ළමා අපයෝජන 8,165ක් හා දුරකථන පැමිණිලි 3,771ක්ද 2021 වසරේ

අපයෝජන 11,187ක්ද දුරකථන පැමිණිලි 4,976ක්ද 2022 වසරේ අපයෝජන 10,497ක් ද දුරකථන පැමිණිලි 2,539ක්ද 2023 වසරේ අපයෝජන 9,673ක් සහ දුරකථන පැමිණිලි 2,990ක් වාර්තා ඇති බව අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

එමෙන්ම ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ දත්ත පද්ධතියට අනුව මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති පැමිණිලි සංඛ්‍යාව දෙදහස් විසිතුන වසරේ 430ක්ද අධිකරණයට කරුණු වාර්තා කර ඇති පැමිණිලි ප්‍රමාණය – 2024 ජනවාරි 01 සිට ජුනි 30 දක්වා 86ක් බවද කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026