Skip to content
V
මෙවර උසස් පෙළ විභාගය පෙනී සිටින සිසුවියක් සිය දිවි හානිකරගනී
featured news - උණුසුම් පුවත්

මෙවර උසස් පෙළ විභාගය පෙනී සිටින සිසුවියක් සිය දිවි හානිකරගනී

By News Room · 11 November 2025

මෙවර උසස් පෙළ විභාගය සඳහා ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි දඹුල්ල, ඉහළ ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දඹුල්ල ජාතික පාසලේ ඉගෙනුම ලැබූ සිසුවියගේ මරණය සියදිවි හානිකරගැනීමක් බවට අනාවරණ වී තිබෙනවා. ඒ දඹුල්ල මූලික රෝහලේ දී ඊයේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි. ඇය වස පානය කර සියදිවි හානිකරගෙන ඇති බවටද හෙලිව තිබෙනවා.

පෙරේදා රාත්‍රියේ අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිට රාත්‍රී නින්දෙන් පසු උදෑසන අවදි නොවීම හේතුවෙන් දෙමාපියන් සොයා බැලීමේදී ඇය සිහිසුන්ව සිට තිබෙනවා. ඒ හේතුවෙන් මෙම සිසුවියව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමටයි දෙමාපියන් පියවර ගෙන ඇත්තේ. කෙසේ වෙතත්, ඇය ඒ වන විටත් මියගොස් සිටි ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026