Skip to content
V
මැලේසියාව පරදා 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා පිලට ජය
featured news - උණුසුම් පුවත්

මැලේසියාව පරදා 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා පිලට ජය

By News Room · 19 January 2025

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් අද (19) සමත් වුණා. ක්වාලාලම්පූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මැලේසියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 162 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දැහැමි සෙනෙත්මා ලකුණු 55 ක්, සංජනා කාවින්දි ලකුණු 30 ක් හා හංසිකා ලකුණු 28 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියා කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 14 ක් අවසානයේ ලකුණු 23 කට දැවී ගියා. පන්දු යැවීමේදී චමෝදි ප්‍රබෝදා ලකුණු 5 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ලිමන්සා තිලකරත්න හා මනුදි නානායක්කාර කඩුලු 2 බැගින් බිද හෙලුවා. ඒ අනුව තරයෙන් ලකුණු 139 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026