featured news - උණුසුම් පුවත්
මිලියන 110ක කොකේන් සමඟ 79 හැවිරිදි විදෙස් ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් මිලියන 110ක් වටිනා කොකේන් කිලෝ 02 ග්‍රෑම් 198ක් සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් කටුනායක ගුවන් තොටුපළේදීයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික කෘෂිකාර්මික ඉංජිනේරුවරයෙක්.




