Skip to content
V
මෙල්බර්න්වල පිරිසිදු කිරීමේ රැකියාවක් කරන මිලියනපතියෙක් වූ ලාංකිකයා
featured news - උණුසුම් පුවත්

මෙල්බර්න්වල පිරිසිදු කිරීමේ රැකියාවක් කරන මිලියනපතියෙක් වූ ලාංකිකයා

By News Room · 9 October 2024

මීට වසර නමයකට පමණ පෙර සිය අධ්‍යාපන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකික තරුණයෙක් මේ වනවිට මිලියනපතියෙක් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

දැනට මෙල්බර්න් නගරයේ වාසය කරන විනුල් කරුණාරත්න 25 හැවිරිදි ය. ඔහු එරටට යන විට වැඩි මුදලක් අතේ තිබී නැත. සිය අධ්‍යාපන කටයුතු කරන අතරතුර රාත්‍රියේ තාවකාලික පදනමින් එරට සුපිරි වෙළෙඳසැලක සේවයේ නිරතව තිබුණි. එසේම විවේක කාලයේදී නිවාස පිරිසිඳු කිරීමේ කටයුතුවලද ඔහු නිරත වී තිබේ.

එමඟින් ලැබුණු ආදායම හොඳ වූ බැවින් ඔහු පසුව එරට ප්‍රකට Airtasker නම් වෙබ් අඩවිය හා එක්වී තිබේ.

එම වෙබ් අඩවිය විවිධ සේවා සපයන්නන් ව සපයා ගැනීමට උපකාර කරයි.

මේ වනවිට එම වෙබ් අඩවිය හා සම්බන්ධ වැඩිම ආදායම් ලබන පළමු 10 දෙනා අතර විනුල් ද සිටියි.

විනුල් ගේ සේවාව සඳහා වැඩි ඉල්ලුමක් ලැබෙන බවත් ඔහුගේ දෛනික ආදායම ඔස්ට්‍රේලියානු ඩොලර් 1,000ත් - 1,400ත් අතර වන බව සඳහන් වෙයි. තමා සිහින මවමින් සිටි මෝටර් රථය මිලදී ගැනීමටත් ශ්‍රී ලංකාවේ වාසය කරන සිය දෙමව්පියන්ට නිවාසයක් මිලදී ගැනීමටත් ඔහු සමත්ව ඇත.

මේ වනවිට පූර්ණ කාලීනව එම රැකියාවට යොමුවීමට ක්‍රියාකර ඇති විනුල් එරටින් නිවාසයක් මිලදී ගැනීමටත් වෙනත් අංශවල ආයෝජනය කිරීමටත් සැලසුම් කරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026