Skip to content
V
මෙල්බර්න් නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදෙයි
featured news - උණුසුම් පුවත්

මෙල්බර්න් නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදෙයි

By News Room · 29 October 2024

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් 11 හැවිරිදි පොඩි දරුවෙක් ජීවිතක්ෂයට පත් විය.තවත් අවුරුදු 10 ත් 11 ත් වයස්වල දරුදැරියන් පිරිසක් මෝටර් රථයේ හැපී සහ ඊට යටවී තුවාල ලැබූ බව පැවැසෙයි.

ඔවුන් සියලු දෙනා කඩිනමින් රෝහල්ගත කළ බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෝටර් රථය පදවමින් සිටියේ 40 හැවිරිදි කාන්තාවකි. වේගයෙන් ධාවනය කරමින් තිබුණු මෝටර් රථය පාලනය කර ගැනීමට ඇයට නොහැකි වී ඇති අතර, මෝටර් රථය ප්‍රාථමික පාසලේ වැටේ හැපී, එම වැට පෙරළා ගෙන පාසල් භූමියට කඩා වැදුණු බව සිද්ධිය දුටුවෝ පවසති.

පොලිසිය එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ද පැවැසෙයි. ඇය සමඟ මෝටර් රථයේ කුඩා දරුවකු සිටි නමුත් එම දරුවාට අනතුරක් සිදුවී නැත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026