Skip to content
V
මිල්ටන් සුළි කුණාටුව ෆ්ලොරිඩාවට ඇතුළු වෙයි
featured news - උණුසුම් පුවත්

මිල්ටන් සුළි කුණාටුව ෆ්ලොරිඩාවට ඇතුළු වෙයි

By News Room · 10 October 2024

වසර ගණනාවකට පසු ඇමරිකාවට දැඩි බලපෑම් එල්ල කළ හැකි බවට සඳහන් මිල්ටන් සුළි කුණාටුව ෆ්ලොරිඩාවට ඇතුළු වී තිබෙනවා. එය තුන්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස වර්ධනය වී ඇති බවයි අමෙරිකා ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් නිවාස 125කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා. ප්‍රාන්තයේ මිලියන 2 කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. පැයට කිලෝමීටර් 193ක වේගයෙන් හමා ආ මෙම සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම, පවතින අධික වර්ෂාවත් සමග මිලියන දෙකකට වැඩි ජනතාවක් සඳහා ගංවතුර අනතුරු ඇගවීමක් ද නිකුත් කිරීමට ෆ්ලොරිඩා හී ආපදා අංශ කටයුතු කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026