Skip to content
V
මාලඹේ දී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට වෙඩි
featured news - උණුසුම් පුවත්

මාලඹේ දී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට වෙඩි

By News Room · 24 February 2025

මාලඹේ පොලිස් වසමේ, හෝකන්දර, විස්කම් මාවත ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊයේ (23) රාත්‍රියේ මාලඹේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකරන අතර තුර මෝටර් රථයක් නැවැත්වීමට සංඥා කර ඇත.

එහිදී අදාළ මෝටර් රථය එක්වරම පිටුපසට ධාවනය කර ඇති අතර, එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙකු විසින් මෝටර් රථයේ රෝදයකට වෙඩි තබා තිබේ.

එහිදී මෝටර් රථය අසල විදුලි කණුවක ගැටී නතර වී ඇති අතර, අනතුරව පොලිස් නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවේ දී රියදුරු අසුන යට සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 800ක් සොයාගෙන ඇත.

එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ අවුරුදු 30 ක් වූ සැකකරු හා 33 හැවිරිදි සැකකාරිය පසුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් බව පොලීසිය පැවසීය.

සිදුකළ වැඩිදුර විමර්ශනයේදී සැකකරුවන් පදිංචිව සිටින නිවසේ තිබී තවත් කේරළ ගංජා කිලෝ 01ක් පමණ ප්‍රමාණයක් හා ජාවාරම සඳහා යොදා ගත් තරාදියක් සොයාගෙන ඇත. මාලඹේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026