Skip to content
V
මාලදිවයිනේ ඩොලර් සංචිත සිඳී යයි
featured news - උණුසුම් පුවත්

මාලදිවයිනේ ඩොලර් සංචිත සිඳී යයි

By News Room · 30 August 2024

මාලදිවයිනේ සියලු ඩොලර් සංචිත සිඳී ගොස් ඇතැයි වාර්තා වෙයි. අපේක්ෂිත ආදායම් මත පමණක් රැඳෙමින් පාලනයකින් තොරව මූල්‍ය විධි විධාන පවත්වා ගැනීම මෙම මූල්‍ය අර්බුදයට හේතුව බව, එරට හිටපු  මුදල් අමාත්‍ය ඉබ්‍රහිම් අමීර් (Ibrahim Ameer) පවසයි. 

නවතම ෆිච් (Fitch) සහ මූඩි (Moody) ශ්‍රේණිගත කිරීම් හි, මාලදිවයින් සමස්ත ණය ශ්‍රේණි ගත කිරීම් පහත හෙළා තිබේ. 

මාලදිවයින් මූල්‍ය අධිකාරිය විසින් මේ පිලිබඳ එරට මුදල් අමාත්‍යංශය වෙත අනතුරු අඟවමින් මීට පෙර ලිපියක් යොමු කර තිබුණද, ඊට දින කිහිපයකට පසු, එරට සියලු ඩොලර් සංචිත අවසන් බව දැනුම් දීමට කටයුතු කෙරිණි. එරට ඉතිහාසයේ විදෙස් මූල්‍ය සංචිත සෘණ අගයක් කරා ඇද වැටුණු ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තා වෙයි. ඉකුත් 21 වන දා වනවිට, මාලදිවයින් රජය විසින් ගෙවිය යුතු සමස්ත විදෙස් ණය වාරිකය ඇමෙරිකානු ඩොලර් මිලියන 25 ක් තෙක් ඉහළ ගොස් තිබිණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026