Skip to content
V
මාලදිවයින් ජනාධිපතිගෙන් වාර්තාවක්
featured news - උණුසුම් පුවත්

මාලදිවයින් ජනාධිපතිගෙන් වාර්තාවක්

By News Room · 4 May 2025

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු වාර්තාගත පැය 15ක මාධ්‍ය හමුවක් පවත්වා තිබේ.

ඒ අනුව දීර්ඝතම මාධ්‍ය හමුව පැවැත් වූ රාජ්‍ය නායකයා ලෙස යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් මීට පෙර තබන ලද වාර්තාව මාලදිවයින් ජනාධිපතිවරයා විසින් බිඳහෙලා ඇති බව එරට ජනාධිපති කාර්යාලය පවසයි.

ඊයේ (3) දිනයට යෙදි තිබු ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයට සමගාමීව මොහොමඩ් මුයිසු මෙම මාධ්‍ය හමුව පවත්වා ඇති බව සඳහන්.

එරට වේලාවෙන් ඊයේ පෙරවරු 10.00ට ආරම්භ කර ඇති ජනාධිපතිවරයාගේ මාධ්‍ය හමුව මධ්‍යම රාත්‍රිය ද පසුකර යමින් පැය 14යි මිනිත්තු 54ක කාලයක් පැවැත්වූ බව මාලදිවයින් ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි 2019 වසරේ ඔක්තෝබර් මාසයේ දී පැය 14ක මාධ්‍ය හමුවක් පවත්වමින් ඊට පෙර බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ විසින් තැබූ පැය 07ක වාර්තාව බිඳ හෙළනු ලැබීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026