Skip to content
V
'මැරුවේ ක්ලබ් වසන්ත බව දැනගත්තේ නිව්ස්වලින්' : වෙඩික්කරුවා සියල්ල වමාරයි
featured news - උණුසුම් පුවත්

'මැරුවේ ක්ලබ් වසන්ත බව දැනගත්තේ නිව්ස්වලින්' : වෙඩික්කරුවා සියල්ල වමාරයි

By News Room · 28 August 2024

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ, තවත් තුවක්කුකරුවෙකු සහ සැකකරුවෙකු ද පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි තරිඳු මදුසංකද සිල්වා හෙවත් බහිරවයා නමැත්තෙකු සහ 32 හැවිරිදි සජිත් ශ්‍රියන්ත ද සිල්වා නොහොත් පොඩි බළයා යන අයයි.

සැකකරුවන් පානදුර පින්වත්ත ප්‍රදේශයේ රැදී සිටින බවට පානදුර පොලිසියට ලද තොරතුරක් මත ඔවුන් පින්වත්ත බස්නැවතුම්පලේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් වෙඩිතැබීම සිදු කිරීමෙන් පසු මෝටර් රථයෙන් වෑන් රථයකට මාරු වී කඩවත දක්වා ගමන්කර, දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර දක්වා ගමන්කර ඇති බවට මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පොලිසියට පාපෝච්චාරණය කර ඇත්තේ ක්ලබ් වසන්ත ඝාතනයට ආසන්න දිනයකදී ඔවුන් ඇතුළු පිරිස ඩුබායිහි සිටින පුද්ගලයෙකුගේ සම්බන්ධීකරණය මත අතුරුගිරිය ප්‍රදේශයේ නිවසකට පැමිණී බවයි.

එම නිවසට පැමිණි පුද්ගලයෙකු විසින් ඝාතනය කළ යුතු පුද්ගලයාගේ ජායාරූපයක් පෙන්වූවත් ඒ ක්ලබ් වසන්න නැමැත්තා බවට තමන් දැන නොසිටි බවයි ඔවුන් පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

අනතුරුව KPl ලෙස සටහන කළ උණ්ඩ යෙදූ මැගසින් සහිත ටී 56 ගිනි අවි දෙකක් තමන් වෙත ලබා දී අදාළ පුද්ගලයා පිටව ගිය බවට සැකකරුවන් පාපෝච්චාරණය කර තිබෙනවා.

අනතුරුව ජූලි මස 08 වැනිදා උදෑසන වෙඩිකරුවන් දෙදෙනා බහිරවයා නැමැත්තා සමග මෝටර් රථයකින් අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානය වෙත ගොස් ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කර තිබෙනවා.

එහිදි පළමුව ටැටූ මධ්‍යස්ථානයට ඇතුළු වූ වෙඩික්කරුවෙක් කේ සුජීවාගේ සැමියා ක්ලබ් වසන්ත නැමත්තාගේ පෞද්ගලික ආරක්ෂකයෙකු බව සිතා ඔහුට වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර තිබෙනවා.

අනතුරුව තමන් සිය පළමු මැගසිනයේ උණ්ඩ අවසන් වන තෙක් ක්ලබ් වසන්තට වෙඩි තැබූ බවයි පොලිසිය හමුවේ සැකකරු පාපෝච්චාරණය කර ඇත්තේ. අනතුරුව ඝාතන සැලසුම ක්‍රියාත්මක කළ ලොකු පැටී නැමත්තා තමන් අමතා සුබ පැතූ බවද වෙඩික්කරුවන් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

කෙසේ වෙතත් වෙඩික්කරුවන් පවසා ඇත්තේ තමන් ඝාතනය කළේ ක්ලබ් වසන්න බවට දැනගත්තේ එදින ප්‍රවෘත්ති නැරඹීමෙන් පසුව බවයි.

මෙම සිද්ධියෙන් පසු සැකකරුවන් නවාතැන් ගැනීමට ස්ථානයක් සොයමින් සිට ඇති අතර එහිදී අදාළ සැකකරුවන් දෙදෙනාට නවාතැන් පහසුකම් සැපයීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා නැමැත්තා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කලේ ඔහුද පානදුර පින්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026