Skip to content
V
මාර්ක් සකර්බර්ග් ලොව ධනවත්ම පුද්ගලයින්ගෙන් දෙවැනි තැනට
featured news - උණුසුම් පුවත්

මාර්ක් සකර්බර්ග් ලොව ධනවත්ම පුද්ගලයින්ගෙන් දෙවැනි තැනට

By News Room · 4 October 2024

ලොව ධනවත්ම පුද්ගලයන් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටි ඇමසෝන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් පසු කරමින් මුහුණු පොතේ ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් ලොව ධනවත්ම පුද්ගලයන් අතර දෙවැනි ස්ථානයට පැමිණ ඇත.

බ්ලූම්බර්ග් ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවට අනුව  ඇමසෝන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස්ගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 205.1 ක් වන අතර මාර්ක් සකර්බර්ග්ගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 206.2 කි. කුවේට් දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 160.4 පසු කිරීමට මේ වනවිට මාර්ක් සකර්බර්ග් හැකියාව ලැබී ඇත. ඔහු පසුපසින් සිටින්නේ ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක්ට පමණි.

කෘතීම බුද්ධි ක්ෂේත්‍රයේ කළ ආයෝජන හේතුවෙන් මෙටා සමාගමේ කොටස්වල වටිනාකම ඉතා සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 78 ක් තම වත්කමට එකතු කර ගැනීමට සකර්බර්ග්ට හැකියාව ලැබී ඇති බවත් පැවැසෙයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026