Skip to content
V
මෙරට රන් මිල පහළට
featured news - උණුසුම් පුවත්

මෙරට රන් මිල පහළට

By News Room · 24 March 2026

ලෝක වෙළෙඳපොළ තුළ රන් මිලට සාපේක්ෂව මෙරට රන් මිල අද දිනයේ ද රුපියල් 5,000කින් පහළ ගොස් ඇති අතර එය පසුගිය සතියට සාපේක්ෂව රු 38,000ක පමණ පහළ යෑමකි.

ඒ අනුව, පසුගිය සතියේ 17 වනදා  රුපියල් 408,000ක් ලෙස සඳහන් වූ කැරට් 24ක රන් පවුමක මිල අද (24) රුපියල් 370,000ක් ලෙස සඳහන් වෙයි. මේ අතර, පසුගිය සතියේ 17 වනදා රුපියල් 375,300ක් වූ කැරට් 22 රන් පවුමක අද දින රුපියල් 340,400 ක් ලෙස සඳහන් වෙයි. ඊයේ දිනයට සාපේක්ෂව ලෝක රන් මිල අද දිනයේ ද පහළ ගොස් ඇති අතර, ඒ අනුව අද දිනයේ රන් අවුන්සයක මිල ඩොලර් 4,344ක් ලෙස දැක්වුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026