Skip to content
V
මෙරට නිල සංචිත ඉහළට
featured news - උණුසුම් පුවත්

මෙරට නිල සංචිත ඉහළට

By News Room · 12 November 2024

මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.

පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරට නිල සංචිත 5.99 ක් වූ බවත් ඒ අනුව සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේදී මෙරට නිල සංචිත සියයට 7.9 ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් ෆිච් රේටින්ග්ස් සමාගම පැවැසුවේය. එසේම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී මෙරට නිල සංචිත සියයට 81 ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද එම සමාගම පැවැසුවේය. ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක නිල සංචිතවලට චීනය මෙරටට ලබාදී ඇති විදේශ මුදල් හුවමාරු පහසුකමද ඇතුළත් වේ.

මෙලෙස ශ්‍රී ලංකාවේ නිල සංචිත ඉහළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති සහාය බෙහෙවින් බලපා ඇති බවද ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය. ෆිච් රේටින්ග්ස් යනු ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ සමාගමකි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026