Skip to content
V
මියන්මාර් භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 2000ක් දක්වා ඉහළට
featured news - උණුසුම් පුවත්

මියන්මාර් භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 2000ක් දක්වා ඉහළට

By News Room · 31 March 2025

පුද්ගලයින් 2000කට අධික පිරිසකට මරුකැඳවමින් සිදුවූ භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. මියන්මාර හමුදා පාලනය විසින් අප්‍රේල් මස 06 වන දින දක්වා එම ශෝක කාලය ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය 28 වනදා මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 2000කට අධික පිරිසක් මියගොස් ඇති බවට මේ වන විට තහවුරුවී තිබේ. කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර සිරවූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර තුවාල ලැබූ පුද්ගලයින් විශාල පිරිසක් රෝහල් ගත කිරීම හේතුවෙන් එරට රෝහල් පද්ධතිය ද අර්බුදයකට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

භූකම්පනයෙන් රෝහල් ගොඩනැගිලි ද හානියට පත්ව ඇති අතර බොහෝ රෝහල් රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව එම සංවිධානය පවසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026