Skip to content
V
මියන්මාර භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළට
featured news - උණුසුම් පුවත්

මියන්මාර භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළට

By News Room · 30 March 2025

මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644 ක් දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සුන්බුන් අතර සිරවූ පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක අතර චීන ගලවා ගැනීමේ කණ්ඩායමක්ද මෙහෙයුම් සඳහා එක්වී සිටිනවා.

මේ අතර මියන්මාරයේ මැන්ඩලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලික රෝහලක් බවට පත්කිරීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.

ආපදාවට පත්වූවන් සඳහා සහන සැපයීමට ඉන්දියාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් මියන්මාරයට මානුෂීය ආධාර ලබාදීමට තීරණය කර ඇති අතර ඉන්දියාවෙන් ටොන් 60 ක සහනාධාර සහිත ගුවන් යානා දෙකක් මියන්මාරයට යවා තිබෙන බවත් බ්‍රිතාන්‍යය විසින් පවුම් මිලියන 10 ක ආධාර ලබාදී ඇති බවත් සඳහන්.

මියන්මාරයේ කුමන්ත්‍රණ විරෝධී සටන්කාමීන් සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇති අතර භූමිකම්පාවෙන් පසු ගලවාගැනීමේ සහ සහන කටයුතු සඳහා ඉඩ සැලසීමේ අරමුණෙන් ඔවුන් එම සටන් විරාමය ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026