Skip to content
V
මියන්මාරයට තවත් භූකම්පනයක්
featured news - උණුසුම් පුවත්

මියන්මාරයට තවත් භූකම්පනයක්

By News Room · 30 March 2025

මියන්මාරයට දැඩි බලපෑම් එල්ල කළ භූකම්පනය හටගත් ප්‍රදේශය ආසන්නයේ අද (30) තවත් භූකම්පනයක් සිදුව තිබේ. මැන්ඩලේ ප්‍රදේශයට වයඹ දෙසින් කිලෝමීටර් 28ක් පමණ දුරින් වූ ප්‍රදේශයක හටගත් එම භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය 28 වනදා රිච්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුතුව සිදුවූ ප්‍රබල භූකම්පනයෙන් අනතුරුව තවත් පසු කම්පන මාලාවක් ද ඒ ආශ්‍රිතව වාර්තා වී තිබුණි. එම  භූකම්පනයෙන් මියන්මාරයේ පුද්ගලයින් 1700 දෙනෙකු මියගොස් ඇති බවට මේ වන විට තහවුරු වී තිබේ.

තවත් 300 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් සඳහන් කර ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026