Skip to content
V
මිනුවන්ගොඩ වෙඩිතැබීමක්
featured news - උණුසුම් පුවත්

මිනුවන්ගොඩ වෙඩිතැබීමක්

By News Room · 26 February 2025

මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේ දී අද (26) උදෑසන 11ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පවසයි. වෙඩිතැබීමෙන් 36ක පමණ පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය. වෙඩි වැදුනු පුද්ගලයා ත්‍රීරෝද රථගාලේ සිටිය දී වෙඩිතැබීම සිදුව ඇත.

වෙඩික්කරුවන් පළාගොස් ඇති අතර, තුවාලකරුගේ පාදයකට සහ අතකට වෙඩි වැදී මේ වනවිට ඔහුව ගම්පහ රෝහලට මාරුකර යවා තිබේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ පාසල් මිතුරෙකු බව ද අනාවරණය වී ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026