Skip to content
V
මාධ්‍යවේදී ලසන්ත ඝාතනයට සම්බන්ධ නීතිපති නිර්දේශය අධ්‍යයනය කරන බව රජය කියයි
featured news - උණුසුම් පුවත්

මාධ්‍යවේදී ලසන්ත ඝාතනයට සම්බන්ධ නීතිපති නිර්දේශය අධ්‍යයනය කරන බව රජය කියයි

By News Room · 5 February 2025

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ නීතිපතිවරයා ලබා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව රජය පවසයි. අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය. අදාළ තීන්දුව අධ්‍යයනය  කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර ඇති හමුදා බුද්ධි නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු නිදහස් කිරීමට පවතින හැකියාව පිළිබඳ නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය නීතිමය මතය ලබා දී තිබුණි. පසුගිය ජනවාරි 27 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත යොමු කරන ලද ලිපියක මේ බව සදහන්ය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026