Skip to content
V
මුදල් පසුම්බියක් කොල්ලකෑමට උත්සාහ කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගැනේ
featured news - උණුසුම් පුවත්

මුදල් පසුම්බියක් කොල්ලකෑමට උත්සාහ කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගැනේ

By News Room · 16 March 2025

පාසල් සිසුවකුගේ මුදල් පසුම්බියක් කොල්ලකෑ පුද්ගලයෙකුට අවට සිටි පිරිස් විසින් ගල්මුල්වලින් පහරදීමේ සිදුවීමක් කොහුවල ප්‍රදේශයෙන් වාර්තා විය. පසුව කොල්ලකරුගේ මළ සිරුර නුගේගොඩ, නාලන්දාරාම මාර්ගයේ තිබී සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.

ඊයේ (16) දිනයේ කොහුවල ප්‍රදේශයේ පාසල් සිසුවකුට තියුණු ආයුධයක් පෙන්වා තර්ජනය කර සිසුවාගේ මුදල් පසුම්බිය කොල්ලකෑමට අදාළ පුද්ගලයා කටයුතු කර තිබුණි. එම අවස්ථාවේ අවට සිටි පිරිස් විසින් කොල්ලකරුට ගල්මුල්වලින් පහරදී ඇති අතර පහරකෑම් මධ්‍යයේ ඔහු පළාගොස් ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් පසුව එම පුද්ගලයාගේ මළ සිරුර නුගේගොඩ, නාලන්දාරාම මාර්ගයේ ඇවිදින මංතීරුව අසල තිබී ඊයේ පස්වරුවේ සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. මියගිය පුද්ගලයාගේ හිස පිටුපස සහ කන ආශ්‍රිත ප්‍රදේශයේ තුවාල නිරීක්ෂණය වන බව ද පොලීසිය පැවසීය.

එම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026