Skip to content
V
මුදල් කැටයක පතුරම් තොගයක්
featured news - උණුසුම් පුවත්

මුදල් කැටයක පතුරම් තොගයක්

By News Room · 7 September 2024

ගලෙන්බිදුණුවැව,අක්කර විස්ස ප්‍රදේශයේ නිවසක අල්මාරියක මුදල් දමන ප්ලාස්ටික් කැටයක තිබු ටී 56 ගිනි අවි සදහා භාවතා කරන පතුරම් 17 ක්,පිස්තෝල සදහා භාවිතා කරන පතුරම් 10 ක් හා රිවෝලර් සදහා භාවිතා කරන පතුරම් 01 ක් සොයාගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි.

ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ 06 වන වසරේ අධ්‍යාපනය ලබන දරුවකු විසින් පාසලට ගෙන එන ලද ටී 56 ගිනි අවි සදහා භාවිතා කරන පතුරමක් ලග තබාගෙන සිටියදි එම සිසුවාගේ පංති බාර ගුරුවරයා ඒ පිලිබදව පාසලේ විදුහල්පතිවරයා දැණුවත් කොට තිබුණි.

ඒ අනුව විදුහල්පතිවරයා ගලෙන්බිදුණුවැව පොලිසියට සිදුකළ දැනුම්දීම මත පොලිස් නිලධාරින් පිරිසක් දරුවාද කැටුව ඔහුගේ නිවසට ගොස් සිදුකළ පරික්ෂණයේදි මෙම පතුරම් මුදල් දමන ප්ලාස්ටික් කැටයක බහා අල්මාරියේ සගවා තිබියදි පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබුණි.

ඔහුගේ පියා ගම්පහ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරන අතර පොලිසිය විසින් එම දරුවාගේ නිවස පරික්ෂා කරන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ඔහුගේ මව පමණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026