Skip to content
V
මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැද්ද 12ක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැද්ද 12ක් අත්අඩංගුවට

By News Room · 16 September 2024

සමාජ මාධ්‍ය ජාලයේ ටික්ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදිමින් සිටි තරුණයන් 12ක් යතුරුපැදි 18ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීමත් සමගම තරුණයන් හය දෙනෙකු යතුරුපැදී දමා පළා ගොස් ඇතැයි පිළියන්දල පොලීසිය පොලීසිය සඳහන් කළේය.

සවස් යාමේ සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් ත්‍රීරෝද රථ සහ යතුරුපැදි විශාල ප්‍රමාණයක් පැමිණ මාර්ගයේ ඒ මේ අත විශාල ශබ්ද නගමින් ධාවනය කරන බවට 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය හරහා සහ පිළියන්දල පොලීසිය වෙත නිරන්තරයෙන් ලද දුරකථන ඇමතුම් මත පොලිස් නිලධාරීන් 10දෙනෙකුගෙන් යුත් පිරිසක් එහි ගොස් මෙම තරුණයන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

එකී පිරිස එලෙස යතුරු පැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කිරීමේදී ප්‍රදේශවාසීන්ගෙන් ද දැඩි දෝෂාරෝපණයක් එල්ල වී තිබුණි.

තනි රෝදයෙන් එකී මාර්ගය තුළ මීටර් සීය දෙසිය ආදී තරග ඉසව් සඳහා මුදල් ඔට්ටු ඇල්ලීම ඇතුළු රුපියල් ලක්ෂය දක්වා විකල් ඔට්ටු අල්ලා තරගයට මෙම යතුරු පැදි ධාවනය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පොලිස් භාරයට ගත් බහුතරයක් යතුරුපැදිවලට විවිධ අංගෝපාංග සවිකර හැඩය වෙනස් කර තිබූ අතර සයිලන්සර්වලට ශබ්දය වැඩි කිරීම සඳහා ද අමතර කොටස් සවිකර තිබූ බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් තරුණයන් පිරිස පොලිස් ඇප මත මුදාහැර ඇති අතර එළැඹෙන 18 වෙනිදා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

යතුරුපැදී දමා පළා ගිය තරුණයන් සොයා යතුරුපැදියේ ලියාපදිංචි අංකය ඔස්සේ විමර්ශන සිදුකරන බව පිළියන්දල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026