Skip to content
V
මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණ චෝදනාවලින් ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරයි
featured news - උණුසුම් පුවත්

මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණ චෝදනාවලින් ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරයි

By News Room · 24 March 2025

ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරිකයකු වන සිඩ්නි ජයසිංහ යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණයේ පූර්වගාමී  විනිසුරු නාමල් බණ්ඩාර බළල්ලේ මහතා විසින් එම තීන්දුව ලබා දුන්නේය. විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන හෙයින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත්  විනිසුරුවරයා සඳහන් කළේය.

1996 සැප්තැම්බර් 26 සහ 1997 සැප්තැම්බර් මස 25 වනදා අතර කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගම නමින් මිලදී ගෙන තිබූ පෞද්ගලික බැංකුවකට අයත් කොටස් මිලියන 21ක් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කොට විකිණීම තුළින් රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරිකයකු වන සිඩ්නි ජයසිංහ යන මහත්වරුන්ට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

මෙම නඩුවේ විත්තිකාර උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර විත්තිකාර සිඩ්නි ජයසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියේය. නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යොහාන් අබේවික්‍රම මහතා පෙනී සිටියේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026